Wednesday 24 August 2016

36) පර්යේෂණාත්මක මනෝ විද්‍යාව....

පර්යේෂණාත්මක මනෝ විද්‍යාව අනුව මනෝ විද්‍යාව ස්වභාවික මනෝ විද්‍යාවක් ලෙස ද පර්යේෂණයට බඳුන් කළ හැකි පථයක් ලෙස ද සැලකේ. බොහෝ පර්යේෂණාත්මක මනෝ විද්‍යාඥයින් පර්යේෂණයන් හැර අනෙකුත් අන්වේශනය කිරීමේ ක්‍රම පිළිබඳ සැක උපදවති. විශේෂයෙන්ම සායනික සහ වර්ධනාත්මක මනෝ විද්‍යාවේ භාවිතා වන රෝගී අධ්‍යයනය, සහ සම්මුඛ සාකච්ඡා අඩු වශයෙන් යොදා ගැනීමට නැඹුරුතාවයක් දක්වති.

35) පරමාණුක අරය....

පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ , යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත.

34) අගහරු මත දේශගුණය.....

සියලුම ග්‍රහයින්ගෙන් පෘථිවියට වඩාත් සමාන සෘතු විපර්යාස දක්වන්නේ අඟහරුය. ඒ ග්‍රහලෝක දෙකෙහි භ්‍රමණ අක්ෂ දෙකෙහි ඇලවීමෙහි ඇති සමානතාවය නිසාය. කෙසේ වුවද අඟහරුගේ සිට සූර්යයාට ඇති දුර, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුරට වඩා වැඩි නිසා අඟහරුගේ වසරක් පෘථිවි වසර දෙකක් පමණ වන අතර එම නිසා අඟහරුගේ ඍතු අතර කාල ප්‍රාන්තර පෘථිවියේ මෙන් දෙගුණයක් පමණ වේ. අඟහරුගේ මතුපිට උෂ්ණත්වය ධ්‍රැව ශීත කාලයේදී -1400C (-2200F) පමණ අඩු අගයක සිට ග්‍රීස්ම ඍතුවේදී 200C(680F) දක්වා වැඩි අගයකට විචලනය වේ. අඟහරුට පවතින එතරම් සූර්ය තාපය දරා ගත නොහැකි තුනී වායු ගෝලය, අඩු වායුගෝලීය පීඩනය, හා අඟහරුගේ පස සතු අඩු තාපධාරිතාව මෙතරම් පුළුල් පරාසයක උෂ්ණත්වය විචලනයකට හේතු වේ.

Sunday 14 August 2016

33) අපි හැමෝම ඉගෙනගන්න දගලන ඉංග්‍රීසි භාෂාව ගැන....

ඉංග්‍රීසි භාෂාව

Anglospeak(800px).png

EN (ISO 639-1)
ඉංග්‍රීසි භාෂාව යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන,අන්ග්ලෝ-සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ එක්සත් රාජධානියඅත් කරගත් ආර්ථිකමය, විද්‍යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ ඇමෙරිකා එක්සත් ජනපදය අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ ජාත්‍යන්තර බසක් බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදියේදී ප්‍රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්‍රීසි භාෂාවයි. යුරෝපා සංගමය තුළ දෙවන බසක් ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.

32) පරමාණු ගැන...

පදාර්ථයෙහි මූලික ඒකකය වන පරමාණුව ඝන, මධ්‍යගත න්‍යෂ්ටියකින් හා එය වටකරගත් සෘණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන අඩංගු වලාවකින් සමන්විත වෙයි. පරමාණුක න්‍යෂ්ටිය සමන්විත වන්නේ ධන ආරෝපිත ප්‍රෝටෝන සහ විද්‍යුත් වශයෙන් උදාසීන නියුට්‍රෝන (හයිඩ්‍රජන්-1 විෂයයෙහි පමණක් මෙය වෙනස් වන්නේ එය නියුට්‍රෝන විරහිත එකම ස්ථායි නියුක්ලයිඩය වන බැවිනි) වල මිශ්‍රණයකිනි. පරමාණුවක ඉලෙක්ට්‍රෝන එහි න්‍යෂ්ටියට බන්ධනය වන්නේ විද්‍යුත් චුම්බක බල අනුසාරයෙනි. එලෙසින්ම, පරමාණු සමුහයක් එකිනෙක වෙත බැඳී පැවතීමෙන් අණුවක් නිමැවිය හැක. ප්‍රෝටෝන හා නියුට්‍රෝන සමාන සංඛ්‍යාවක් සහිත පරමාණුවක් විද්‍යුත් වශයෙන් උදාසීන වන අතර, එසේ නොවන අවස්ථාවන්හීදී එය ධන ආරෝපණයක් (ඉලෙක්ට්‍රෝන ඌනතාව) හෝ සෘණ ආරෝපණයක් (ඉලෙක්ට්‍රෝන අතිරික්තය) හෝ සහිත අතර එය අයනයක් වෙයි. පරමාණුවක්වර්ගීකරණය කෙරෙනුයේ එහි න්‍යෂ්ටියෙහි සමන්විත ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව අනුවය: ප්‍රෝටෝන සංඛ්‍යාව විසින් නිශ්චය කෙරෙනුයේරසායනික මූලද්‍රව්‍යය වන අතර, නියුට්‍රෝන සංඛ්‍යාව විසින් නිශ්චය කෙරෙනුයේ මූලද්‍රව්‍යයෙහි සමස්ථානිකය වෙයි.[1]

Tuesday 9 August 2016

31) රොකට් තාක්ෂනය ගැන.....

ශතවර්ෂ කීපයකට පෙරදී චීන ජාතිකයන් යුද කටයුතු සඳහා භාවිතා කළ රොකට්ටුව වර්තමානය වන විට අභ්‍යවකාශ ගවේෂණය සඳහා යොදා ගැනෙන තරමට වැඩි දියණු වී අවසන්. එපමණක් නොව යුද කටයුතු වලදී මිසයිල නිපදවීම සඳහාත් මෙම රොකට් තාක්ෂණය යොදා ගනු ලබයි. මෙසේ මිනිසාට හිතකර මෙන්ම අහිතකර කාර්යයන් රැසක් සඳහා යොදා ගැනේ.

30) අපි හැමෝම ආස කරන චිත්‍රපටි ගැන පුංචි යමක්....

චිත්‍රපට ඉතිහාසය


රවුන්ඩ් හේ ගාර්ඩන් ජවනිකාව 1888, සෙලියුලොයිඩ් පට මත පටිගත කල ලොව පලමු චිත්‍රපටය
චිත්‍රපට ඉතිහාසය, 19 වැනි සියවසේ අග භාගයේ සිට 21 වැනි සියවසේ ආරම්භය දක්වා අවුරුදු සිය ගණනකට විහිද යයි. චිත්‍රපට කලාව මූලාරම්භයේ සිට ක්‍රම ක්‍රමයෙන් සන්නිවේදනයේ සහ රසාස්වාදයේ අංගයක් ලෙස මෙන්ම 20 වන සියවසේ ජන සන්නිවේදනයේ වැදගත් අංගයක් ලෙසද වර්ධනය විය. චිත්‍රපට මඟින් කලාව, තාක්ෂණය සහ දේශපාලනය යන අංශ වෙත සැලකිය යුතු බලපෑමක් එල්ල කරයි. චිත්‍රපටියේ උපත ලුවිස් ලී ප්‍රින්ස් විසින් 1888 ඔක්තෝබර් 14 වැනි දින එංගලන්තයේ, බටහිර යෝක්ෂයේ, ලීඩ්ස්, රවුන්ඩ්හේ හි දී චිත්‍රපටයට නගන ලද “රවුන්ඩ්හේ ගාඩ්න් සීන්” නිපදවීමත් සමඟ (Roundhay Garden Scene,) සිදුවිය. දැනට ඉතිරි වී ඇති මුල්ම චිත්‍රපටය ලෙස පොදුවේ මෙය පිළිගැනේ. 1878 දී ලේලන්ඩ් ස්ටෑන්ෆෝර්ඩ්ගේ අනුග්‍රාහකත්වය යටතේ, එඩ්වඩ් මයිබ්‍රිජ් විසින් “ඔසිඩන්ට්” නැමැති අශ්වයෙකුගේ වේග චලන, ත්‍රිමානේක්ෂ කැමරා 12 ක ශ්‍රේණියක් භාවිතා කර කැමරාගත කරනු ලැබීය. මෙම ප්‍රථම අත්දැකීම ජුනි 11 වැනි දින කැලිෆෝනියාවේ පැලෝ ඇල්ටෝ ගොවිපලේ දී සිදු කෙරුණි. මෙහි කැමරා, අශ්වයාට සමාන්තර මාර්ගයක සකසා තිබුණ අතර, සෑම කැමරා පියනක්ම අශ්වයාගේ කුරවලින් ප්‍රේරණය වන පැන්නුම් කම්බියකින් පාලනය කරන ලදී. මෙහි අශ්වයාගේ ධාවන අඩි 20ක් ආවරණය කිරීම සඳහා වෙනම කැමරාවක් තිබූ අතර තත්පරයෙන් දහසෙන් එකක් වැනි අවස්ථා පවා ඡායාරූපයට නගන ලදී. 1893 දී චිකාගෝහි ලෝක කොලොම්බියානු ප්‍රදර්ශනයේ දී, මයිබ්‍රිජ් විසින්, සත්ව සංචාරණය පිළිබඳ දේශන මාලාවක් පවත්වනු ලැබීය. එම දේශන මාලාව ප්‍රදර්ශනය කළ “Midway Plaisance" ශාඛාව ඒ ප්‍රථම වානිජ සිනමා ශාලාව බවට පත් කෙරිණි. පසුව ඔහුගේ “zoopraxiscope” උපකරණය භාවිත කරමින් ඔහුගේ චලන චිත්‍රයන් මහජනතාවගෙන් මුදල් අයකර ප්‍රදර්ශණය කරනු ලැබීය.

Monday 8 August 2016

29) දියමන්ති ගැන පුංචි යමක්....

දියමන්ති (Diamond - පුරාණ ග්‍රීක භාෂාවේ αδάμας – adámas "unbreakable" "නොකැඩෙන" අර්ථයෙනි) යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ද්‍රව්‍යයක් ලෙස දියමන්ති ප්‍රසිද්ධියක් උසුලන අතර එය පරමාණු අතර ඇති ශක්තිමත් බන්ධනයක් මඟින් හටගනී. විශේෂයෙන්ම අනෙකුත් ඝන සම්භාරයන් අතරින් දියමන්ති දෘඩ බවින් සහ තාප සන්නායකතාවයෙන් ඉහළ අගයක් ගනී. එමෙන්ම ප්‍රධාන කාර්මික භාවිතයක් වන දියමන්ති කැපීමේ සහ ඔප දැමීමේ උපකරණ මගින් එම ගුණාංග නිවැරදිව හඳුනා ගත හැකිය.

28) මනෝ විශ්ලේෂණවාදය....

මිනිසාගේ දැනීමට හෝ පාලනයට හසු නොවන අවිඥාන මනසේ (Unconscious Mind) හෙවත් යටි සිතෙහි තිබෙන බලවේගයන් හා ගැටුම් පිළිබඳව අධ්‍යයනය කරනුයේ මනේගතික විද්‍යාවෙනි. යටි සිතෙහි ක්‍රියාකාරීත්වයන් මිනිසාගේ චර්යාව කෙරෙහි මෙන්ම, මිනිසාගේ චර්යාවන් ද යටි සිතෙහි ක්‍රියාදාමයන්ට බලපෑම් ඇති කරන බව විද්‍යාත්මක පදනමකින් විග්‍රහ කරනු ලබන න්‍යාය මනෝ විශ්ලේෂණවාදය නම් වේ. යටි සිතෙහි බලවේග පිළිබදව විද්‍යාත්මක හැදෑරීම් හි පු‍රෝගාමියා ලෙස සැලකෙනුයේ ඕස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්නායු වෛද්‍යවරයෙකු වූ සිග්මන්ඩ් ප්‍රොයිඩ් (Sigmund Freud, 1856-1939) ය. මනෝවිශ්ලේෂණවාදය‍ (Psychoanalysis) වශයෙන් හැදින්වෙන ප්‍රොයිඩ්වාදය මනෝවිද්‍යාත්මක න්‍යායයක්, පර්යේෂණාත්මක විධික්‍රමයක් වශයෙන් මෙන්ම මානසික ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන්ද ප්‍රසිද්ධය.

Sunday 7 August 2016

27) කාල තරණය....

කාල තරණය යනු කාලයේ කිසියම් නිශ්චිත ලක්ෂ්‍ය දෙකක් තුළ සංචරණය කිරීම යන සංකල්පයයි. සාමාන්‍ය සංකල්පය අනුව ගමන් කරන්නා මිනිසෙක් වන අතර මනඃකල්පිත යන්ත්‍රයක් වන කාල යන්ත්‍රයක් හෝ අධි මානසික ක්‍රමයක් භාවිතයෙන් සංචරණය කරයි. කාල තරණය දර්ශන වාදය සහ ප්‍රබන්ධ වල හඳුනාගත් සංකල්පයකි,නමුත් කාලයේ යම් අභිමත ස්ථානයක් යනු භෞතික විද්‍යාවේ ඉතා සීමිත සීමාවක් තුළ පවතින ක්වන්ටම් යාන්ත්‍ර විද්‍යාවට හා අයින්ස්ටයින්ගේ රෝසන් පාලමට පමණක් සම්බන්ධ වන්නකි. ඇතැම් විට මෙම පටු සීමාව ඉතා පළල් අර්ථයක් විය හැකිය. උදාහරණයක් ලෙස අනාගත කාලයට සංචරණය කිරීම (අතීතයට නොවෙයි) හරහා කාලයේ පළල් වීම භෞතික විද්‍යාවේ අත්භූත බව මනාව පිළිබිඹු කරන අතර මිලි තත්පර ගණන් වලින් පමණක් දැනට අජටාකාශගාමීන් විසින් මෙය අත්විඳ ඇත. ඉතා නිරවද්‍ය ඔරලෝසුවක් පෘථිවිය මත ඔරලෝසුවක් සමඟ සංසන්දනය මගින් ඔවුන් මෙය තහවුරු කරගෙන ඇත. වසර ගණනාවක් අනාගත කාලය වෙත සංචරණය සදහා ආසන්න වශයෙන් ආලෝකයේ වේගයෙන් සංචරණය කළ යුතුය (රවුමට), නමුත් දැනට ප්‍රායෝගිකව මිනිස් වාහනයකට මෙය කළ නොහැක.

26) මිනිස් මොළය...

මිනිස් මොළය ස්නායු පද්ධතිය තුළ වැදගත් අවයවයක් වන අතර ඉතා සංකීර්ණතාවකින් යුතු අවයවයකි.
මිනිස් මොළය මධ්‍ය ස්නායු පද්ධතිය (කපාල හා සුසුම්නාව අඩංගු) පර්යන්ත ස්නායු පද්ධතිය ස්නායු පද්ධතිය පාලනය කරන අතර සෑම ක්‍රියාකරීත්වයක්ම පාලනය කෙරේ. අනිච්ඡානුග හෝ අඩු මට්ටමේ ක්‍රියාවන් (හෘද ස්පන්දන වේගය, ශ්වසනය, ආහාර ජීර්ණය, ඉච්ඡානුග පාලනයකින් තොරව මොළයෙන් සිදුවේ. විශේෂයෙන්ම ස්වයං සාධක ස්නායු පද්ධතිය මඟිනි. සංකීර්ණ හා උසස් මානසික ක්‍රියා (සිතීම, හේතු දැක්වීම, තේරුම් ගැනීම ආදී ඉච්ඡානුගව පාලනය වේ. කාය විවච්ඡේද විද්‍යාව අනුව කොටස් 3ක පෙර මොළය, මැද මොළය, පසු මොළය. පෙර මොළයෙහි නම් වූ මස්තිෂ්ක චලිතයෙහි ඛණ්ඩිකා කිහිපයක් ඇති අතර උසස් කෘත්‍යයන් පාලනය කරයි. මැද හා පසු මොළය අනිච්ඡානුග කෘත්‍යයන් සිදු කරයි. කපාලකරණයේ දී අනෙක් විශේෂවලට වඩා මිනිස් මොළය ශරීරයට සාපේක්ෂව ඉහළයි. පූර්ව මස්තිශ්කයේදී මෙම සිද්ධිය ප්‍රකටව දැක්වේ. පූර්ව මස්තිශ්කය භාෂාව හා සිහිය පිළිබඳ සොයා බැලේ. මෙය මානව මොළයෙන් 76% පමණ කොටසකින් යුතුයි. අනෙක් සත්වයන්ට වඩා විශාල වූ නියෝකොටෙක් නිසා මානවයන්ටම විශේෂිත වූ මානසික හැකියාවන් (ආදී විශේෂවලට සමාන වූ ස්නායු වාස්තු විද්‍යාවක් තිබුණ ද) සෑදීමට හැකියාව ඇත. උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට මානවයන්ගේ ඇති පද්ධති, පාරිසරික සංවේදන, සමස්ථිතිය පවත්වාගැනීම අනෙක් මූලික පෘෂ්ඨවංශියන්ට සමානයි. මිනිස් එළඹි සිහිය නව නියෝකොටෙක්සයේ ඇති ඉහල හැකියාව නිසා ලද්දක් අතර සුෂුම්නා ශීර්ෂකයේ ඇති අතිශය ලෙස වර්ධනය වූ ව්‍යුහ නිසා සිදුවේ.

Friday 5 August 2016

25) නැනෝ තාක්ෂණය...

නැනෝ තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, පරීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්රයකි. විවිධ ක්ෂේත්ර තුළ මේ ගැන පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්දර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්රම ක්රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු
කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හරහා සිදු වීමට යන දියුණුව.
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්යාඥයා හරහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්යාගයෙන් ද පිදුම් ලැබුවේය.

24) පිරමීඩ ගොඩනැගුවේ වසර 4500කට පෙරනම්, වසර 7000ක් පැරණි ඊජිප්තු චිත්රයක පිරමීඩ ඇඳ ඇත්තේ කෙසේද??

පහත චිත්රයේ වම්පස උඩින් පිරමීඩ 3ක් ඇඳ ඇති ආකාරය පෙනෙනවාද? අද දිනයේ පිරමීඩ නරඹන්නෙකුට ඈතින් ගීසාහි පිරමීඩ තුන පෙනෙන ආකාරයයි මේ. මේ චිත්රය ඇඳ ඇත්තේ පැස්බර බිත්තරයක වන අතර එය ඉපැරණි ඊජිප්තු සොහොන් ගෙයක මිහිදන් කොට තිබී සොයාගත්තේ 1907දී මැලබී සිසිල් ෆර්ත් නම් බ්රිතාන්ය ජාතික පුරාවිද්යාඥයාය.
ඊජිප්තුවේ අස්වාන් ප්රදේශයේ පිහිටුවා ඇති නුබියන් කෞතුකාගාරයේ ප්රදර්ශණයට තබා ඇති මෙම පැස්බර බිත්තරෙය පිලිබඳ කෞතුකාගාර විස්තරයට අනුව එය උපරිමයෙන් වසර 4400ක් පැරණිය. එසේ නම්, එය ඇඳි සිත්තරා ඊජිප්තු පිරමීඩ දැක තිබෙන්නට පුලුවන. මන්දයත් ප්රධාන ධාරාවේ ඊජිප්තු විශේෂඥයින් හා පුරාවිද්යාඥයින්ට අනුව පිරමීඩවල වයස උපරිමයෙන් වසර 5000කට අඩුය.
මෙම පැස්බර බිත්තරය සොයාගත් සොහොන් ගෙය අයත්වූයේ පැරණි ඊජිප්තුවේ නකාඩා ශිෂ්ඨාචාරයට වන අතර, එම සොහොන් ගෙයි මිහිදන්කොට තිබී හමුවූ මමීකෘත සිරුරුවල වයස වසර 7000ක් බව හෙලිවී ඇත.
ප්රධාන ධාරාවේ ඊජිප්තු විශේෂඥයින් මෙම ප්රථිපල එතරම් තැකීමටකට බඳුන් නොකලත්, වසර 7000කට පෙර ජීවත්වුනු සිත්තරෙකු මෙම පැස්බර බිත්තරයේ සිතුවම් ඇන්දේනම්, ඔහු පිරමීඩ තුනම ඇඳ ඇත්තේ ඔහු ජීවත්වූ වසර 7000කට පෙරද පිරමීඩ අදමෙන්ම පැවති නිසාද?

Wednesday 3 August 2016

23) සතුන්ගේ පරිණාමය වේගවත් වෙලා....

සතුන්ගේ පරිණාමය වේගවත්ව සිදුවන බව පරීක්ෂණ හා නිරීක්ෂණ ඇසුරින් සොයාගෙන ඇත.ගැලපගෝස් කොදෙව් සමූහයේ ඩැප්නි මේජර් දූපතේ වී කුරුල්ලන් ඇසුරින් කළ පරීක්ෂණයකින් මේ බව සනාථ කර ගැනීමට හැකි වී ඇත.
              1977න් පසුව පැවති දරුණු නියගයකින් අනතුරුව එම දූපතේ සිටී වී කුරුල්ලන්ගේ හොට තිබූ ප්‍රමාණයට වඩා විශාල වන බව නිරීක්ෂණයට හසු විය.මෙම දරුණු නියං සමයේදි වී කුරුල්ලන් ආහාරයට ගන්නා,පොළොවේ තිබෙන කුඩා බීජ ඉතා දුලබ වූ අතර ආහාර නැතිව කුරුල්ලන් බොහෝ ගනණක් මිය ගියහ.ප්‍රමාණයෙන් විශාල හොටක් සහිත කුරුල්ලන්ගේ මරණ ප්‍රතිශතය කුඩා හොටක් සහිත කුරුලු මරණ ප්‍රතිශතයට සාපේක්ෂව අඩු බව එහිදී නිරීක්ෂකයන්ගේ අවධානයට ලක් විය.පුරුදු ආහාරය නැති විට වඩා ලොකු බීජ වර්ග ආහාරයට ගැනීමට ලොකු හොටක් සහිත කුරුල්ලන්ට හැකි විය.නියගයෙන් පසු ඉතිරිව සිටි වී කුරුලු ගහනයේ හොටේ සහ සිරුරේ ප්‍රමාණාත්මක විශාලනයක් පරම්පරාගතව වන බව පරරීක්ෂකයන්ට දැක ගැනිමට හැකි විණි.

22) සූර්යයාට වඩා බිලියන දොළොස් ගුණයක් විශාල කළු කුහරයක් සොයාගැනේ !

චීනයේ පෙකින් විශ්වවිද්යාලයේ (Peking University) පර්යේෂකයන් කණ්ඩායමක් ප්රකාශ කර සිටියේ දැනට හමු වී ඇති විශාලම කළු කුහර වලින් එකක් සොයාගැනුණු බවයි. මෙය SDSS J010013.02 ලෙස නම් කර තිබේ. අපගේ සූර්යයාට සාපේක්ෂව බිලියන 12ස් ගුණයක් මෙය විශාල බව පැවසෙන අතරම, මේ හා සමාන කාලයට අයත් අනෙක් කළු කුහර වලට සාපේක්ෂව 6 ගුණයක් විශාල බව ට සැලකෙනවා.
තාරකාවිද්යාඥ Xue-Bing Wu සහ ඔහුගේ සගයන් මෙම කලුකුහරය මුල් වරට සොයාගනු ලැබුවේ 2013 වසරේ දීය. ඒ Lijiang (ලිජිඇන්) දුරේක්ෂය භාවිත කරමිණි. මෙය දිස්වූයේ දීප්තිමත් රතු ලපයක් ලෙසිණි. ලොව වටා ඇති දුරේක්ෂ 4ක් ආධාරයෙන් මෙහි වායු ප්රවේගය අධ්යනය කෙරුණු අතර එමගින් මෙය අවට ඇති ගුරුත්වාකර්ෂණ ඇදගැනීම සහ අනෙක් කළු කුහර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකිවිය.
Nature සඟරාව පවසන අන්දමට මෙම කලුකුහරයේ ක්වේසරයේ (quasar) ආලෝකය පෘථිවියට ලඟා වීම සඳහා වසර බිලියන 12.9ක් පමණ ගතවී තිබේ. එම නිසා කලුකුහරය සෑදෙන විට විශ්වයේ වයස අවුරුදු මිලියන 900ක් පමණ වන්නට ඇති සැලකේ. Wu පවසන අන්දමට මෙවැනි විශාල කලුකුහරයක් සෑදීමට වසර මිලියන 900ක් යනු ඉතා කෙටි කාලයකි.

21) කුඩා රොබෝ යන්ත්ර අපගේ රුධිර නාල තුල ගමන් ගන්නා දිනය වැඩි ඈතක නොවෙයි.

ජපානයේ හොකයිඩෝ විශ්ව විද්යාලයේ රසායන විද්යාඥයන් පිරිසක් ස්ඵටික වලින් නවතම ආකාරයේ මෝටරයක් නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ ස්ඵටික වලට ආලෝකය වැටීමත් සමඟ එහි හැඩය වෙනස් කිරීමට ඇති හැකියාවයි. එනම් නැමීමට හා දිග ඇරීමට ඇති හැකියාවයි. මේ නව සොයාගැනීම අණුක රොබෝ තාක්ෂණයේ / molecular robots ඉදිරි අනාගතය සඳහා විශාල පියවරක් ලෙස සලකන්න පුළුවන්. මේ තාක්ෂණයේ අරමුණ වන්නේ අපගේ රුධිර නාල තුලින් ගමන් කර ශරීරයේ විවිධ ස්ථාන වලට අවශ්ය ඖෂධ ලබා දීමයි.
මෙහිදී සිදුකල යුතු වැදගත් කාර්යක් වන්නේ මේ අනුවල චලිතය ප්රචාලනයක් බවට පත් කිරීමයි. ඒ වගේම එය නැවත නැවත සිදුකිරීමටත් යම්කිසි පාලනයක් සහිතව සිදුකිරීමටත් හැකිවිය යුතුයි.
මේ සඳහා අදාළ පර්යේෂණ කටයුතු සිදුකිරීම දුෂ්කර කාර්යක් වුවත් Yoshiyuki Kageyama සහ Sadamu Takeda යටතේ වන පර්යේෂක කණ්ඩායම මේ සඳහා පිළිතුරක් සොයාගෙන ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

Tuesday 2 August 2016

20) විශ්මජනක ලෝක වාර්තා 20ක්!

20. මිනිස් කාන්දම

ජෝජියාවේ Etibar Elchiyev ට යකඩ හැඳි 53ක් ඇගට අලවගනිමට හැකියාව ඇත..

19) ලෝකයේ සුපිරිම සර්පයෝ 10ක්....

1. දිගම – RETICULATED PYTHON


මේ තමයි ලෝකයේ දිගම සර්පයා එහෙමත් නැත්තන් ලෝකයේ දිගම උරඟයා. ගිණිකොණදිග ආසියාවෙන් හමුවෙන මෙම සර්ප විශේෂයේ වැඩුණු සර්පයකුගේ දිග මීටර 6.95ක් පමණ වන අතරම මිනිසකු ගොදුරුකරගැනීමට පවා ශක්තිමත් වුනත් මිනිසුන්ට පහර දීම පිලිබඳ එතරම් වාර්තා නොවේ.

18) අපේ සමට යටින් මයික්‍රෝ චිපයක් තැන්පත් කරොත් ?

මේ සිදුවීම අපට වාර්තා වන්නේ ස්වීඩනයේ එක්තරා කාර්යාලයකින්. ඔවුන් තමන්ගේ සේවකයන්ගේ ඇඟේ මයික්‍රෝ චිප් සවි කිරීමට තීරණය කර තිබෙනවා. අලුතෙන් විවෘත කෙරුණු මේ ව්‍යාපාරයේ සේවය කරන සේවකයන්ට ඔවුන්ගේ සමට යටින් හෝ අතේ ප්‍රදේශයක මේ චිපය සවිකරගන්න පුළුවන්.
මේ චිපය මගින් සංඥා හඳුනා ගැනෙන අතර භාවිත කරන්නන් හට දොරවල් විවෘත කිරීමට, තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබා දීමට මෙන්ම ෆොටෝ කොපි යන්ත්‍ර පනගැන්වීම සඳහා ද යොදාගත හැක. චිපය වී ඇටයක ප්‍රමාණයෙන් පවතී.

17) අපේ ශරීරයේ බර අඩු වෙන එක තීරණය වෙන්නේ බැක්ටීරියා මත ද ?

ජීව විද්‍යාඥයන්ගේ නවතම සොයාගැනීමකට අනුව අපේ සිරුරේ බර පාලනය කර ගැනීම මත ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ජිවත් වන ක්ෂුද්‍ර ජිවින්ගේ විශාල බලපෑමක් තිබෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ සිරුර තුල ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව විවිධ වර්ගයේ ක්ෂුද්‍ර ජීවින් වර්ග 1000ක් පමණ ජිවත් වෙනවා. එය ඔබටත් මටත් අදාලයි. මේ ක්ෂුද්‍ර ජීවින් අපගේ ශරීරය තුල පරිවෘතිය ක්‍රියාවලිය සාර්ථකව පවත්වාගෙන යාමට විශාල රුකුලක් ලබා දෙනවා. නමුත් විවිධ ක්ෂුද්‍ර ජීවින් කුමන ප්‍රමාන වලින් හා කුමන වර්ග වලින් ජිවත් වන්නේ ද යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කාරණයක් බවට සොයාගෙන තිබෙනවා. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ කුමක් දැයි කියා තවමත් නිශ්චිත අදහසක් විද්‍යාඥයන් සතුව නෑ.

16) නුතන විද්‍යාවේ මානයට හසු නොවන අපූරු සිදුවීම් පෙළක්...

නූතන සමාජය විද්‍යාව හා බොහෝ සෙයින් සමීපව බැඳී පවතිනවා. අපි අවට සිදුවන දහසකුත් දේවල් වලට විද්‍යාව හේතු සපයනවා. නමුත් විද්‍යාව මෙතරම් දියුණු මට්ටමකට පත්ව තිබෙන මෙවැනි මොහොතක පවා පිළිතුරැ දිය නොහැකි ගැටළු පවතින බව ඔබ දන්නවා ද ? මේ එවැනි අවස්ථා කිහිපයක්.