Wednesday 3 August 2016

22) සූර්යයාට වඩා බිලියන දොළොස් ගුණයක් විශාල කළු කුහරයක් සොයාගැනේ !

චීනයේ පෙකින් විශ්වවිද්යාලයේ (Peking University) පර්යේෂකයන් කණ්ඩායමක් ප්රකාශ කර සිටියේ දැනට හමු වී ඇති විශාලම කළු කුහර වලින් එකක් සොයාගැනුණු බවයි. මෙය SDSS J010013.02 ලෙස නම් කර තිබේ. අපගේ සූර්යයාට සාපේක්ෂව බිලියන 12ස් ගුණයක් මෙය විශාල බව පැවසෙන අතරම, මේ හා සමාන කාලයට අයත් අනෙක් කළු කුහර වලට සාපේක්ෂව 6 ගුණයක් විශාල බව ට සැලකෙනවා.
තාරකාවිද්යාඥ Xue-Bing Wu සහ ඔහුගේ සගයන් මෙම කලුකුහරය මුල් වරට සොයාගනු ලැබුවේ 2013 වසරේ දීය. ඒ Lijiang (ලිජිඇන්) දුරේක්ෂය භාවිත කරමිණි. මෙය දිස්වූයේ දීප්තිමත් රතු ලපයක් ලෙසිණි. ලොව වටා ඇති දුරේක්ෂ 4ක් ආධාරයෙන් මෙහි වායු ප්රවේගය අධ්යනය කෙරුණු අතර එමගින් මෙය අවට ඇති ගුරුත්වාකර්ෂණ ඇදගැනීම සහ අනෙක් කළු කුහර පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකිවිය.
Nature සඟරාව පවසන අන්දමට මෙම කලුකුහරයේ ක්වේසරයේ (quasar) ආලෝකය පෘථිවියට ලඟා වීම සඳහා වසර බිලියන 12.9ක් පමණ ගතවී තිබේ. එම නිසා කලුකුහරය සෑදෙන විට විශ්වයේ වයස අවුරුදු මිලියන 900ක් පමණ වන්නට ඇති සැලකේ. Wu පවසන අන්දමට මෙවැනි විශාල කලුකුහරයක් සෑදීමට වසර මිලියන 900ක් යනු ඉතා කෙටි කාලයකි.

මෙම නව සොයාගැනීමත් සමග කලුකුහර ඇති වීම හා ඒ හා සම්බන්ධ විවිධ සිද්ධාන්ත වලට අභියෝගයක් එල්ල වෙමින් පවතී. මේ පිළිබඳව අදහස් දක්වමින් වික්ටෝරියා හි කැනේඩියානු අභ්යාවකාශ දත්ත මධ්යස්ථානයේ ක්රිස් විලට් (Chris Willot) මහතා පවසා සිටියේ ” අපි තවමත් හරියටම දන්නේ නෑ විශ්වයේ මුල්කාලයේ කලුකුහර ඇති වීම හා ව්යාප්ත වීම සම්බන්ධව. ඒක හින්ද මේක විසඳන්න පුළුවන් විදියේ ආකෘතියක් හරියටම නෑ” යනුවෙනි.
Wu ගේ කණ්ඩායමේ අපේක්ෂාව වන්නේ හබල් දුරේක්ෂය (Hubble Space Telescope) ආධාරයෙන් මේ පිළිබඳව වැඩිදුර අධ්යන කටයුතු වල නිරත වීමටයි.

No comments:

Post a Comment