Thursday 16 June 2016

04) මිනිස් මොලයේ වදන් කෝෂය සිතියමකට නැගෙයි.....

ස්වාභාවධර්මයේ අග්‍රගන්‍ය නිර්මාණ අතර මිනිසා යනු සුවිශේෂී නිර්මාණයකි.මිනිස් මොලයට සම කල හැකි හෝ අභියෝග කල හැකි කිසිවක් මිනිසා විසින් හෝ ස්වභාවධර්මය විසින් මෙතෙක් නිර්මාණය කර නොතිබීම එයට හේතුවයි.කැලිෆෝනියා සරසවියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පසුගිය දිනක MRI දත්ත උපයෝගී කරගනිමින් මිනිස් මොලයේ මෙම අසමසම ක්‍රියාකාරිත්වය පිලිබදව පුළුල් පර්යේෂණයක් සිදුකරන ලද අතර අප අදහස් ප්‍රකාශ කිරීමට යොදාගන්න භාෂාවන් සම්බන්ධයෙන් මොලය සංවිධානය වී ඇති ආකාරය පිලිබදව සොයාබැලීම පර්යේෂණ කණ්ඩායමේ අරමුණ විය.මෙම පර්යේෂණ තුල මිනිස් මොලයේ විවිධ පරාසයන් පැහැදිලිව හුවා දැක්වීම සදහා වැඩි තිව්රතාවයක් සහිත වර්ණ භාවිතා කර ඇති අතර ඔවුන් විසින් මෙය නම් කර ඇත්තේ " Semantic Atlas" ලෙසය.

042716_mr_brain-language-map_free
ඔවුන්ගේ හැදින්වීමට අනුව මෙය මිනිස් මොලය පිලිබදව අර්ථ විග්‍රහ කරන මොලයේ සිතියමක් වශයෙන් හැදින්වීම වරදක් නැත.මෙම සිතියම මගින් අනාවරණය කරගෙන ඇති කරුණු වලට අනුව අනාගතයේදී යම් දිනක හිස ආශ්‍රිත පහරකෑමකට ලක් වීම නිසා පිඩා විදින රෝගීන් සහ මෝටර් නියුරෝන වැනි රෝග තත්වයන් නිසා පිඩා විදින රෝගීන්ගේ සුවපත් භාවය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කල හැකි බව පර්යේෂණ කණ්ඩායමේ අදහසයි.තවදුරටත් ඔවුන් පවසන අන්දමට මෑත කාලීනව ඔවුන් තම පර්යීෂණ වල විශාල කඩ ඉමක් පසු කරමින් කිසියම් පුද්ගලයෙකු මුහුණේ ඉරියව් ප්‍රකාශ කිරීමේදී ඊට අදාලව මොලයේ කවර ස්ථානයක් ක්‍රියාවේයෙදෙයිද යන වග  ඉතා සුක්ෂම අන්දමින් සොයාගෙන ඇත.මෙම පර්යේෂණ සදහා ඔහියෝ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ සහයද ලබා ගෙන ඇත.මෙම පර්යේෂකයන් පිරිස විසින් මේ වන විට මොලය ආශ්‍රිත එවැනිම සංකීර්ණ ගැටලුවකට පිළිතුරු සෙවීමට වෙහෙසෙමින් ඇති බව දැනගන්නට ඇත.එනම් අප භාවිත කරන භාෂාවන් සහ ඊට අදාල වචන ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මොලයේ කවර ප්‍රදේශයක් කෙලෙස ක්‍රියාත්මක වන්නේද යන වග සොයා බැලීමයි....






Flattened semantic map of the human cerebral cortex. Image: Nature Video

No comments:

Post a Comment