Friday 24 June 2016

13) නවතම Fitness tracker එකක්....

දවසින් දවස අලුත් අලුත් තාක්ෂණික මෙවලම් අපේ සමාජයට හඳුන්වාදීම සිදුකෙරෙනවා. ඒ වගේම වෙනදාට වඩා මේ තාක්ෂණයත් සමඟ ජීවිතය හැඩගස්වා ගැනීමටත් බොහෝ දෙනා උනන්දු වෙනවා. තමන්ගේ ව්‍යායාම් කටයුතු ආදිය සිදුකිරීමේ රටා පිළිබඳව තොරතුරු එක රස කිරීමටත් සෞඛ්‍ය තත්වය පිළිබඳව වාර්තා තබාගැනීමටත් බොහෝ දෙනා විවිධ උපකරණ පළඳිනවා. හැබැයි මේ උපකරණ පැළඳ සිටින බව තමාට හෝ අනෙක් අයට පෙනෙන්නේ නැතිනම් එය තවත් අපූරු දෙයක් ලෙස සලකන්න පුළුවන්.
ඉතින් මේ නව නිර්මාණය ගැන අපිට ආරංචි වෙන්නේ ජපානයෙන්. මේ අපූරු සංවේදක උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින්. ඉතාමත් සිහින් polymer light-emitting diodes (PLED) ස්ථරයක් යොදාගෙන තමයි ඔවුන් මේ නිර්මාණය සිදුකරලා තියෙන්නේ. මෙමගින් අපේ සම මතට සිහින් ස්ථරයක් ඇලවීම සිදුකෙරෙනවා. පර්යේෂකයන් පවසම අන්දමට මේ නව උපාංගය අපේ සමේ මතුපිට ස්ථරයටත් වඩා සිහින්. 3 μm පමණ ඝනකමක් තමයි තියෙන්නේ. මෙයට සංවේදකයක් හෝ තිරයක් සේ කටයුතු කිරීමේ හැකියාව පවතිනවා.
මෙහි උපාංගයේ ආකෘතියක් ඇඟිලි තුඩකට සවිකරලා කරලා රුධිරයේ ඔක්සිජන් මට්ටම සාර්ථකව මැන බලා තිබෙනවා. මෙය තවදුරටත් වැඩිදියුණු කරලා අපූරු නිර්මාණයක් ලබාදීම පර්යේෂණ කණ්ඩායමේ අරමුණයි.

No comments:

Post a Comment