Wednesday 22 June 2016

07) ෆේස්බුක් ඇඩික්ෂන්, ෆේස්බුක් උන්මාදනීය රෝගයකි...

ෆේස්බුක් ඇබ්බැහි වී සිටින්නන්ගෙන් වැඩි දෙනා වයස අවුරුදු 18ත් 34ත් අතර කාන්තාවෝ වෙති.

ලොව ප්‍රකට සමාජ සමීක්ෂණ ආයතන බොහේමයක් විසින් පෙන්වා ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම දැන් උන්මාදයක් බවට පත්ව ඇති බවයි.

Oxyge
n Media විසින් මෙය ගැන මුලින්ම සමීක්ෂණ පවත්වා එළිදරව් කළේ ෆේස්බුක් වෙත පැමිණෙන සෙනනඟ අතරින්, අවු: 18ත් 34ත් අතර කාන්තාවන් බවය. ඒ අතරින් සීයයට 57ක් පවසා ඇත්තේ, ඔවුන්ගේ සැබෑ ජීවිතයේ දී යහලු මිත්‍රයින් මුහුණට මුහුණ හමුවී කතා කරනවාට වඩා ෆේස්බුක් හරහා යහලු මිත්‍රයින් ඇසුරු කිරීමට හැකි බවයි. තවත් සියයට 39 දෙනෙක් පවසා ඇත්තේ ඔවුන් සැබැවින් ම ෆේස්බුක් වෙත ඇබ්බැහි වී ඇති බවයි. උදෑසන මුහුණ සෝදන්නටත් කලින් ෆේස්බුක් වෙත පිවිස මිතුරු මිතුරියන්ගේ අලුත් අරංචි සොයා බලන කාන්තාවෝ, රෑ මැදියමට පවා නැඟිට ෆේස්බුක් යන්නියෝ වෙති.


මෙසේ ෆේස්බුක් වෙත ඇබ්බැහි වීම මානසික රෝගයක් දැයි, නිශ්චිතව තීන්දු කොට නැති නමුත් බොහෝ
දැන උගත් අය සැකකරන්නේ මෙය උක්මාදනීය රෝගයක් කියා ය. කෙසේ නමුත් "ෆේස්බුක් ඇඩික්ෂන් ඩිසෝඩර් (FAD-Facebook Addiction Disorder)" කියා විද්‍යාත්මක ඌරුව ගත් නමකින්ද පටබැඳ හමාරය. ඊට ගොදුරුව ඇත්තේ කාන්තාවන් පමණක් නොව සියලු වයස් කාණ්ඩවල අය මේ අතර සිටී.

අද වනවිට මෙහි යන එන සෙනඟ කෝටි 55 (මිලියන 550) ඉක්මවා ඇත. මෙම සෙනඟ කන්දරාව දිනපතා වැඩි වෙමින් පවතී. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ 2012 වසර අවසන් වනවිට කෝටි 100ක් හෙවත් බිලියනයක් වනු ඇති බවයි.

ෆේස්බුක් එකවුන්ට් තිබෙන කෝටි 55 කෝටි 30ක්ම නිතර ෆේස්බුක් එන්නෝ වෙති. එහිවිත් පැයක් පමණ ෆේස්බුක් සමඟ කටයුතු කිරීම ඇබ්බැහියක් කියා කිසිවෙක් හඳුන්වන්නේ නැත. නමුත් එම කාලය ගතකරන ආකාරය අනුව එය ඇබ්බැහියක් ද, නැද්ද, කියා පොදුවේ තීරණය වනබව පළිගනේ. සිය රැකියවට වැය කළ යුතු කාලය හෝ දවසේ කළ යුතු වැඩ සියල්ල, පොදිය පිටින් පැත්තකට තල්ලු කොට පැයකට අඩු කාලයක් ෆේස්බුක් සමඟ ඇලී ගැලී සිටිය ද, එයත් ඇබ්බැහි බව පෙන්වන්නකි.

සෝෂල් නෙට්වර්කින් හොඳය. එහෙත් හැම වැඩකටම වඩා නොවේ. එය ජීවිතයේ විනෝදාංශ අතරින් එකක් සේ සළකා වැඩ කරන්නට පුරුදු වුණොත් ෆේස්බුක් ව්‍යාධියකට මඟ පාදන්නේ නැති හොඳ සමාජ මෙවලමක් වෙයි.

No comments:

Post a Comment