Wednesday 22 June 2016

06) අනාගත හෙට ලොවේ ජංගම දුරකතන....

මේ වන විට ලෝකයේ මහා පෙරළියක් කළ ජංගම දුරකථනය කෞතුක භාණ්ඩ බවට පත් කිරීමට නිෂ්පාදකයන් සැරසී සිටී. මොකද, ඉදිරියේ දී වෙළඳපොලට එන්නට ලෑස්ති කොට ඇති අලුත් මෝස්තරයේ ජංගම දුරකථන ගැන එළිදරව් වීමට පටන් ගෙන ඇති නිසා ය. අපි දැන් සොයා බලමු ඒ ජංගම දුරකථන කිහිපයක් ගැන විස්තර,


Blue Bee (බ්ලූ බී)

ජපානයේ කින්ජියෝ ආයතනයේ ඉදිරිප
ත් කළ මොබයිල් ඉන්ටෆේස් එකකි. ඕනම ටච් ස්ක්‍රීනයක් ඇති මොබයිල් ෆෝනයකටම යෙදිය හැකි අතර මෙහි ඉන්ටෆේස් එක මී වදයක කුටීර සේ නිර්මාණය කර ඇත.







Window Phone (වින්ඩෝ ෆෝන්)

 

වීදුරු කැබැල්ලක් සේ එහා මෙහා පෙනෙන පරිදි සකසා ඇති මෙම අනාගත දුරකථනය කෙරියාවේ එල්ජී සමාගම වෙනුවෙන් මෙය සැලසුම් කොට තිබේ. කාලගුණය වෙනස් වන විට මෙහි ඉන්ටෆේස් එක ද කාලගුණයේ ස්වරූපයට අනුව වෙනස් වෙයි. හිරු රැස් වැටී ඇති දීප්තිමත් දිනක ජනෙල් වීදුරුවක් මෙන් සුපැහැදිලි ඉන්ටෆේස් එකකින් ද, වැසි දිනකදී පිණි බිඳු සහිත ඉන්ටෆේස් එකක ස්භාවයක් ද ගනී. 


Nokia Scentsory (නොකියා සෙන්ට්සරි)

නෙකියා සමාගම විසින් ෆින්ලන්තයේ ලුවී රැමිරෙස් විසින් ගුවන් යානයක කඩදාසි ආකෘතියක් මෙන් නවා
ප්‍රයෝජනයට ගතහැකි මෙම ජංගම දුරකථනය සැලසුම් කොට තිබේ. මෙහි විශේෂත්වය වන්නේ ලැබෙන ඇමතුමේ අංකයට අනුව ඉන් විශේෂ සුවඳක් වහනය වීමයි.





Samsung Proxima (සැම්සුම් ප්‍රොක්සිමා)

මෙය ඔරලෝසුවක හැඩය ගන්නා අතේ පැලඳිය හැකි ජංගම දුරකතනයකි. සමහර උදවියට ජංගම දුරකතනය තැන තැන අමතක වෙයි. මෙම දුරකතනය එයට කදිම නිදසුනකි.













Toshiba Tactility 
(ටොෂීබා ටැක්ටිලිටි)

මෙය ටොෂීබා සමාගම විසින් අන්ධ අය සඳහා සැලසුම් කොට තිබේ. බ්‍රේල් ක්‍රමයට සැකසූ බොත්තම් ඇති මෙම දුරකතනයේ ඉලක්කම් හෝ බොත්තම් මත එම්බෝස් කොට තිබෙන නිසා අන්ධ අයට මීට වඩා හොඳ තවත් එකක් නැත.







Mobile Script (මෙබයිල් ස්ක්‍රිප්ට්)
මෙය කුඩා ජංගම දුරකතනයක් වුවත් මෙයට විශාල තිරයක් එක් කළ හැක. එම තිරය ඔතා තිබිය හැකි අතර විශාල තිරයද, දුරකතනයේ මුහුණ ද, ටච් ස්ක්‍රීන් ක්‍රමයට සකසා ඇත. නමුත් මෙහි බැටරියක් නැත. දුරකතනයේ පිටත ආවරණය සම්පූර්ණයෙන් ම සකසා තිබෙන්නේ ආලෝකයට සංවේදී නැනෝ ද්‍රව්‍ය (photo sensitive nano materials) යොදා ගෙනය. එම නිසා ආලෝකය මත නොව අතේ රස්නයට පවා විදුලිය බවට හරවා ගැනීමට පුළුවන. 


Wild Fold (වයිල්ඩ් ෆෝල්ඩ්)


දෙකට නවා ක්පයක් මඟින් පොකට්ටුවේ සවිකළ හැකි මෙම
දුරකතනය සැම්සුම් සමාගමේ ටච් සහ ෆ්ලෙක්සිබල් ස්ක්‍රීන් තාක්ෂණය යොදා ගෙන සැලසුම් කොට තිබේ. ආරළු-බොරළු නැති සරල පෙනුමකින් යුක්ත නමුත් බලසම්පන්න දුරකතනයකි. 







Kambala Phone (කම්බාලා ෆෝන්)



රුසියාවේ ඉල්ෂාට් ගැරිපෝව් විසින් සැලසුම් කොට තිබෙන මෙය කනේ ගසා ගතහැකි ජංගම දුරකතන මෝස්තරයකි. මෙහි පරිපථ කොටස් සකසා ඇත්තේ පෙලිමර් තහඩු අතර රදවා ගෙනය. එහි ඇති ක්පයද සුවශේෂ එකකි. පණිවිඩයක් ආ විට එම ක්පය ඇඳ දුරකතනය කනේ රඳවාගෙන බ්ලූටූත් උපාංගයකින් සේ කතා කළ හැක.

Ring Phone (රින්ග් ෆෝන්)


මෙය සුළැඟිල්ලෙත් මාපටැඟිල්ලෙත් රඳවන මුදු දෙකකි. මාපටැඟිල්ලට දමන මුද්ද ඉයර්ෆෝනයයි, සුළැඟිල්ලට දමන මුද්ද මයික්‍රොෆෝනයයි. දුරකතන පරිපථ කොටස් දෙක මේ මුදු දෙක තුළ අන්තර්ගත වන අතර බ්ලූටූත් තාකෂණය මඟින් ඒවා එකිනෙකට සම්බන්ධ කෙරේ.





LG Atlas (එල්ජී ඇට්ලස්)

දුරකතනයේ සෑම මෙනුවක්ම මේසය මතට ප්‍රක්ෂේපණය කළ හැකි ජංගම දුරකථනයක් එල්ජී සමාගම විසින් නිර්මාණය කිරීමට යයි. එපමණක් නොව මේසය මත ප්‍රක්ෂේපණය කළ මෙනු ඒ ඒ තැන්වල දී අත හසුරවන ආකාරයට එය තේරුම් ගනී. එවිට ඉන්ටනෙට් වෙත පිවිස වෙබ් පිටු හසුරවන ගමන්ම දුරකතනයෙන් වැඩ කර ගන්නට පුළුවන.


මෙම දුරකතන වෙළඳපොලට එන කාල වකවානුවක් නිවැරදිව තවම නිශ්චය කිරීමට හැකියාවක් නැත කෙසේ වෙතත් මෙම දුරකතනවල තාක්ෂණනය ගැන හා තවත් බොහෝ විස්තර ඉදිරියේ දී ගෙන එන්නම්........

No comments:

Post a Comment