Wednesday 22 June 2016

05) ඩයිනෝසරයෙකුත් නෙවේ...කිබුලෙකුත් නෙවේ....

                                             

අමුතු සතෙක් 
                මිනිසුන් පහළ වීමට පෙර වසර මිලියන 230කත පෙර අතීතයේ අද බාසිලෝනා යනුවෙන් හැදින්වෙන නගරය අයත් ප්‍රදේශයේ වාසය කර ඇත්තේ,ඩයිනෝසරයෙකුද නොවන කිබුලෙකුද නොවන අමුතු සත්වයෙකි.මේ සත්වයා ගැන පසුගියදා ලොවට අනාවරණය වුයේ ඌ ඉතිරි කර ගිය පොසිලකරණයට ලක් වුනු පා සලකුනකිනි.


පුරාණ ජීවියෙක්
                මේ අමුතු ජීවියාගේ පා සලකුණු හමුවී ඇත්තේ ඊසානදිග කැටෝලිනාවෙනි.ඩයිනෝසරයන් ලොව රජ කල අවදියේදී පවා කිබුලන් මිහිමත වාසය කර ඇත.කිබුලන් මෙන්ම ඩයිනෝසරයන්ද අනුකම්පා විරහිත දඩයක්කරුවන් වුනු බව විශ්වාස කෙරේ.මේ අමුතු සත්වයා මෙම සත්ව විශේෂ දෙකටම අයත් මිට පෙර හමුනොවුණු පුරාණ ජීවියෙකු යයි පැවසෙයි.පොසිල පර්යේෂකයන් මෙම නව සත්වයා නම් කර ඇත්තේ ඉසොචිරෝතෙරීම් යනුවෙනි.

අත් මෘගයා 
                  සත්ව විද්‍යාත්මකව ඉසොච්රෝතෙරීම් යනුවෙන් නම් කලත් පර්යේෂකයන් මේ සත්වයා හදුන්වන්නේ හෑන්ඩ් බීස්ට් යනුවෙනි.ඊට හේතුව ආදී සලකුණුවලට අනුව මේ සත්වයාගේ ඉදිරිපස අසහා පසුපස ගාත්‍රා වල එකහා සමානව ඇගිලි පිහිටීමයි.පසුපස ගාත්‍රා පවා උගේ අත් හා සමානය.අත් මෘගයා යනුවෙන් හැදින්වෙනුයේ ඒ නිසාය.පාදවල මහපට ඇගිලි පවා දකිනට ලැබෙයි.

                                      

අතීත හෝඩුවාවක් 
                 මේ සත්වයාගේ පාද වලට සමාන පාද ඇති තවත් පුරාණ ජීවි විශේෂයක් ගැන 1834 වසරේදී ජර්මනියෙන් හමුවිය.1838 වසරේදී උතුරු ඇමරිකාවෙන්,ආජන්ටිනාවෙන්.උතුරු අප්‍රිකාවෙන්,චීනයෙන් සහ යුරෝපයේ තවත් රටවල් කිහිපයකින් හමුවී ඇත.එම ආදී සලකුණු සහ ඉකුත් දා හමුවුණු මෙම නව ආදී සලකුණු මේ වනවිට සංසන්දනය කරමින් පවතින බවද වාර්තා වේ.

No comments:

Post a Comment