Wednesday 24 August 2016

34) අගහරු මත දේශගුණය.....

සියලුම ග්‍රහයින්ගෙන් පෘථිවියට වඩාත් සමාන සෘතු විපර්යාස දක්වන්නේ අඟහරුය. ඒ ග්‍රහලෝක දෙකෙහි භ්‍රමණ අක්ෂ දෙකෙහි ඇලවීමෙහි ඇති සමානතාවය නිසාය. කෙසේ වුවද අඟහරුගේ සිට සූර්යයාට ඇති දුර, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුරට වඩා වැඩි නිසා අඟහරුගේ වසරක් පෘථිවි වසර දෙකක් පමණ වන අතර එම නිසා අඟහරුගේ ඍතු අතර කාල ප්‍රාන්තර පෘථිවියේ මෙන් දෙගුණයක් පමණ වේ. අඟහරුගේ මතුපිට උෂ්ණත්වය ධ්‍රැව ශීත කාලයේදී -1400C (-2200F) පමණ අඩු අගයක සිට ග්‍රීස්ම ඍතුවේදී 200C(680F) දක්වා වැඩි අගයකට විචලනය වේ. අඟහරුට පවතින එතරම් සූර්ය තාපය දරා ගත නොහැකි තුනී වායු ගෝලය, අඩු වායුගෝලීය පීඩනය, හා අඟහරුගේ පස සතු අඩු තාපධාරිතාව මෙතරම් පුළුල් පරාසයක උෂ්ණත්වය විචලනයකට හේතු වේ.

අඟහරුටද පෘථිවියට සමාන කක්ෂයක් තිබුණි නම් එහි සෘතුද පෘථිවියේ සෘතුවලට සමානවීමට ඉඩ තිබේ. මන්ද, එහි අක්ෂයේ ඇලවීමද පෘථිවියට සමාන බැවිණි. කෙසේ වුවද සංසන්දනාත්මකව වැඩි විකේන්ද්‍රිකතාවක් ඇති අඟහරුගේ කක්ෂයේ සුවිශේෂී ලක්ෂණයන් ඇත. අඟහරු සූර්යයාට වඩාත්ම ආසන්න ලක්ෂ ආසන්නයේදී දක්ෂිණ අර්ධ ගෝලයට ග්‍රීෂ්ම සෘතුවද උත්තර අර්ධ ගෝලයට ශීත සෘතුවද ඇති අතර සූර්යය‍ාට වඩාත් ඈත ලක්ෂයේදී දක්ෂිණ අර්ධ ගෝලයට ශීත සෘතුවද උතුරු අර්ධ ගෝලයට ග්‍රීෂ්ම සෘතුවද ඇති වේ. මේනිසා උතුරේ සෘතු වඩාත් සෞඛ්‍යමය හා දක්ෂිණ අර්ධ ගෝලයේ සෘතු වඩාත් තියුණු වේ. දක්ෂිණ ග්‍රීස්ම සෘතු උෂ්ණත්වය උතුරට වඩා 300C (240F) පමණ ඉහළ අගයක් ගත හැක.
අඟහරුගේ උතුරු අයිස් ආවරණය
අප සෞරග්‍රහ මණ්ඩලයේ දක්නට ඇති විශාලතම ධූලිකුණාටු ඇත්තේ අඟහරු මතය. මේවා කුඩා පෙදෙසක් ආවරණය කෙරෙන ධූලි කුණාටුවක සිට සමස්ත ග්‍රහලොවම ආවරණය කෙරෙන කුණාටුවක් දක්වා පරාසයක විචලන‍ය වේ. අඟහරු සූර්යයාට සමීපවත්ම මේවා ඇති වීමේ ප්‍රවණතාවක් ඇති අතර, ගෝලීය උණුසුම වැඩිකිරීමටද හේතුවන බව පෙනී ගොස් ඇත.
ධ්‍රැව ආසන්නව ඇති ධ්‍රැව ආවරණ මූලික වශයෙන් ජල අයිස්වලින් සමන්විතය. කෙසේ වුවද එහි මතුපිට වියළි අයිස් ද යම් ප්‍රතිශතයක් ඇත. උත්තර ධ්‍රැවයේ ශීත කාලයේදී පමණක් මිදුණු කාබන් ඩයොක්සයිඩ් (වියළි අයිස්) මීටර් එකක් පමණ ඝනකම තුනී තට්ටුවක් ලෙස පැතිරෙන අතර දක්ෂිණ ධ්‍රැවයේ මීටර් 8 ක් ඝනකම ඇති නිත්‍ය අයිස් තට්ටුවක් ඇත. අඟහරුගේ උතුරු ග්‍රීෂ්ම ඍතුවේදී උතුරු ධ්‍රැව වැස්මට 1000Km පමණ විශ්කම්භයක් ඇති අතර එහි අයිස් කියුබික් කිලෝමීටර මිලියන 1.6 පමණ ඇත. මෙම අයිස් ප්‍රමාණය වැස්ම පුරා සමානව ඇතිරුවහොත් 2km පමණ ඝනකම් වේ. (මෙය අයිස් කියුබික් කිලෝමීටර මිලියන 2.85 ක් සහිත ග්‍රීන්ලන්ත අයිස් තට්ටුව සමග සැස‍ඳේ) දක්ෂිණ ධ්‍රැව වැස්ම සතු මුළු අයිස් අයිස් පරිමාව හා යාබද අයිස් තට්ටු වල මුළු අයිස් පරිමාව කියුබික් ක්ලෝමීටර් මිලියන 1.6 බවට ගණන් බලා ඇත. ධ්‍රැව වැස්මවල් දෙකම සර්පිලාකාර නිම්න පෙන්වන අතර මෙයට හේතුව ලෙස සූර්ය තාපනයේ ඇති වෙනස්කම් සමගම අයිස් ඌර්ධවපාතනය හා ජල වාෂ්ප ඝණීභවනය බවට විශ්වාස කෙරේ. අඟහරු ඍතු විපර්යාසවල උෂ්ණත්වය උච්ඡාවචනය අනුව ධ්‍රැව වැස්ම දෙකම හැකිලීමකට හා වර්ධනයකට භාජනය වේ.

No comments:

Post a Comment