Wednesday 3 August 2016

23) සතුන්ගේ පරිණාමය වේගවත් වෙලා....

සතුන්ගේ පරිණාමය වේගවත්ව සිදුවන බව පරීක්ෂණ හා නිරීක්ෂණ ඇසුරින් සොයාගෙන ඇත.ගැලපගෝස් කොදෙව් සමූහයේ ඩැප්නි මේජර් දූපතේ වී කුරුල්ලන් ඇසුරින් කළ පරීක්ෂණයකින් මේ බව සනාථ කර ගැනීමට හැකි වී ඇත.
              1977න් පසුව පැවති දරුණු නියගයකින් අනතුරුව එම දූපතේ සිටී වී කුරුල්ලන්ගේ හොට තිබූ ප්‍රමාණයට වඩා විශාල වන බව නිරීක්ෂණයට හසු විය.මෙම දරුණු නියං සමයේදි වී කුරුල්ලන් ආහාරයට ගන්නා,පොළොවේ තිබෙන කුඩා බීජ ඉතා දුලබ වූ අතර ආහාර නැතිව කුරුල්ලන් බොහෝ ගනණක් මිය ගියහ.ප්‍රමාණයෙන් විශාල හොටක් සහිත කුරුල්ලන්ගේ මරණ ප්‍රතිශතය කුඩා හොටක් සහිත කුරුලු මරණ ප්‍රතිශතයට සාපේක්ෂව අඩු බව එහිදී නිරීක්ෂකයන්ගේ අවධානයට ලක් විය.පුරුදු ආහාරය නැති විට වඩා ලොකු බීජ වර්ග ආහාරයට ගැනීමට ලොකු හොටක් සහිත කුරුල්ලන්ට හැකි විය.නියගයෙන් පසු ඉතිරිව සිටි වී කුරුලු ගහනයේ හොටේ සහ සිරුරේ ප්‍රමාණාත්මක විශාලනයක් පරම්පරාගතව වන බව පරරීක්ෂකයන්ට දැක ගැනිමට හැකි විණි.

            සතුන්ට,සොබාදහමට හැඩගැසීමට තිබෙන විශේෂ හැකියාව කොපමණ පුදුම සහගතද කිවහොත්,1977 නියං සමයෙන් පසුව ප්‍රමාණයෙන් විශාල වූ වී කුරුල්ලන් 1983දී අධික වැසි සහිත කාලයක් පැමිණි විට ඔවුන්ට සුපුරුදු කුඩා බීජ වර්ග බහුල වීමත් සමග යලි ප්‍රකෘති ප්‍රමාණයට කුඩා විය.වසර ගණනාවක් තිස්සෙ එම වී කුරුලු වර්ගයෙහි සිදුවූ වෙනස්කම් මගින් පරිසරයට අනුවර්ථනය වීමෙ සත්ව හැකියාව පරීක්ෂකයන් මානාව ග්‍රහණය කර ගත්තේය.....

No comments:

Post a Comment