Wednesday 3 August 2016

21) කුඩා රොබෝ යන්ත්ර අපගේ රුධිර නාල තුල ගමන් ගන්නා දිනය වැඩි ඈතක නොවෙයි.

ජපානයේ හොකයිඩෝ විශ්ව විද්යාලයේ රසායන විද්යාඥයන් පිරිසක් ස්ඵටික වලින් නවතම ආකාරයේ මෝටරයක් නිර්මාණය කිරීමට සමත්වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ ස්ඵටික වලට ආලෝකය වැටීමත් සමඟ එහි හැඩය වෙනස් කිරීමට ඇති හැකියාවයි. එනම් නැමීමට හා දිග ඇරීමට ඇති හැකියාවයි. මේ නව සොයාගැනීම අණුක රොබෝ තාක්ෂණයේ / molecular robots ඉදිරි අනාගතය සඳහා විශාල පියවරක් ලෙස සලකන්න පුළුවන්. මේ තාක්ෂණයේ අරමුණ වන්නේ අපගේ රුධිර නාල තුලින් ගමන් කර ශරීරයේ විවිධ ස්ථාන වලට අවශ්ය ඖෂධ ලබා දීමයි.
මෙහිදී සිදුකල යුතු වැදගත් කාර්යක් වන්නේ මේ අනුවල චලිතය ප්රචාලනයක් බවට පත් කිරීමයි. ඒ වගේම එය නැවත නැවත සිදුකිරීමටත් යම්කිසි පාලනයක් සහිතව සිදුකිරීමටත් හැකිවිය යුතුයි.
මේ සඳහා අදාළ පර්යේෂණ කටයුතු සිදුකිරීම දුෂ්කර කාර්යක් වුවත් Yoshiyuki Kageyama සහ Sadamu Takeda යටතේ වන පර්යේෂක කණ්ඩායම මේ සඳහා පිළිතුරක් සොයාගෙන ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

ඔවුන් නිර්මාණය කල මෝටරය azobenzene ව්යුත්පන්නයක් සහ oleate ඇසුරෙන් නිර්මාණය කෙරුණු ස්ඵටිකයක්. මේ මුලද්රව්ය ප්රධාන වශයෙන්ම හමුවන්නේ සායම් වල සහ කෑම පිසින තෙල් වලයි. මෙහි ඇතැම් සංයෝග විවිධ ස්වරූප වලින් පවතින අතර ඒවා එකිනෙක අතර හුවමාරු වීම් නිල් ආලෝකය යටතේ සිදුකර ගැනීමට පුළුවන්.
මේ මෝටරය මත ආලෝකය පතිත කරවමින් එහි චලනය පාලනය කරමින් මේ සඳහා ජලයේ පිහිනා යන අකාරයේ චලිතයක් ලබාදීමට හැකි වී තිබෙනවා. මේ තාක්ෂනය අනාගතයේ දී වැඩිදියුණු කිරීමට ඔවුන් අපේක්ෂා කරනවා.

No comments:

Post a Comment